කොදෙව්වන්ට එරෙහිව දකුණු අප්‍රිකාවට පහසු ජයක්

කොදෙව්වන්ට එරෙහිව දකුණු අප්‍රිකාවට පහසු ජයක්

February 26, 2026   06:20 pm

බ.ඉ. කොදෙව් කණ්ඩායම පරාජය කර සුපිරි 8 වටයේ අද (26) දහවල් පැවති තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබීමට දකුණු අප්‍රිකාව සමත් විය.

දකුණු අප්‍රිකාව ලැබූ මෙම සුපිරි ජයත් සමග අවසන් පූර්ව වටයට පිවිසීමේ වැඩි අවස්ථාවක් හිමිකරගැනීමට ඔවුන්ට හැකිවිය.

අහ්මදාබාද්හිදී පැවති මෙම තරගයේ බ.ඉ. කොදෙව්වන්ගෙන් හිමිවූ ලකුණු 177ක ඉලක්කය ඔවුන් තරගයේ 17(16.1)වන පන්දුවාරයේදී එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී පසුකර ගියේය.

දකුණු අප්‍රිකානු ඉනිමේ ආරම්භක පිතිකරු යුගලය වූ නායක ඒඩියන් මාක්‍රම් හා ක්වින්ටන් ඩී කොක් පළමු කඩුල්ලට ලකුණු 91ක සබඳතාවක් පැවැත්වූහ.

ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා මුහුණදුන්නේ පන්දුවාර 8කට පමණි.

එහිදී ඩි කොක් පන්දු 24කින් ලකුණු 47ක් රැස්කර සිටියදී දැවී ගියේය. 

දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ නියමුවා වූ මාක්‍රම් නොදැවී ලකුණු 82ක් රැස්කිරීමට සමත් විය. පන්දු 46කට පමණක් මුහුණදුන් ඔහු හයේ පහර 4ක් හා හතරේ පහර 7ක් එල්ල කළේය.

එමෙන්ම ඩි කොක් දැවීයාමෙන් පසු පිවිසි රයන් රිකිල්ටන්ද ප්‍රහාරාත්මක ලකුණු 45ක් රැස්කිරීමට සමත්වූ අතර, ඒ වෙනුවෙන් ඔහු මුහුණදුන්නේද පන්දු 28කට පමණි.