මල් ශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් හෙරොයින් වික්ක මව සහ පුතු අත්අඩංගුවට
February 26, 2026 12:26 pm
මල් ශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් හෙරොයින් ජාවාරමක් සිදුකළ දෙදෙනෙකු පානදුර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙය පානදුර උතුර ප්රදේශයේ පවත්වාගෙන ගිය ප්රසිද්ධ මල් ශාලාවක් බව පොලීසිය පවසයි.
පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (25) පස්වරුවේ සිදුකළ වැටලීමකදී මෙම මල්ශාලාවේ හිමිකරුවන පුත්රයා සහ ඔහුගේ මව හෙරොයින් ග්රෑම් 21ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුත්රයා 39වන වියේ පසුවන අතර මව 69 වන වියේ පසුවන බව පොලීසිය පවසයි.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධි කරන පනත යටතේ ඉදිරි විමර්ශන ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලීසිය පවසයි.
සැකකරුවන් අද පානදුර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.
