header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඩේසි ආච්චි නඩුවකින් නිදහස්
Feb 25, 202602:46 PM
ඩේසි ආච්චි නඩුවකින් නිදහස්
Mobitel 1278

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

විත්තිකාර ඩේසි ෆොරස්ට් නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්ත්වයක නොමැති බවත්, ඒ අනුව ඇය නිදහස් කරන ලෙසත් ඇයගේ නීතිඥවරු මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි.

ඒ අනුව අදාළ විත්තිකාරියගේ මානසික තත්ත්වය පිළිබඳව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් වාර්තාවක් කැඳවීමටද විනිසුරුවරයා නියෝග කළේය.

ඒ අනුව නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඩේසී ෆොරස්ට්ට නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්තවයක් තිබෙනවාද? යන කරුණ පිළිබඳ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මගින් කැඳවා තිබූ විශේෂ මානසික වෛද්‍ය වාර්තාව අද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

විත්තිකාරිය නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට එම වාර්තාව තුළින් වෛද්‍යවරු නිර්දේශ නිකුත් කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

"ස්වාමීනි...මෙම විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරියා, මානසික රෝග විශේශඥ වෛද්‍යවරු කිහිප දෙනෙක්, කායික රෝග විශේශඥ වෛද්‍යවරු කිහිප දෙනෙක් හා හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ඇතුළත්.

මෙම වෛද්‍ය මණ්ඩලය විසින් දෙවන විත්තිකාර ඩේසි ෆොරස්ට් වෙත ඉදිරිපත් කළ සෑම ප්‍රශ්නයකටම අයි ඩෝන්ඩ් නෝ (I don't know) අයි කාන්ට් රිමෙම්බර් (I can't remember) ලෙස පිළිතුරු ලබා දුන් බව සඳහන් කර තිබෙනවා" යනුවෙන් සඳහන් කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා,

" ඒ අනුව දෙවන විත්තිකාරියට නඩු විභාගයකට සහභාගී වෙමින් විත්ති වාචිකයක් ඉදිරිපත් කිරීමට, නීතී උපදෙස් ලබාදීමට, වැරදිකාරභාවය හෝ නිවැරදිකාරභාවය පිළිබඳ ප්‍රකාශයක් කිරීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට එම වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කර තිබෙනවා.

ඇයට අධිකරණ ක්‍රියාපටිපාටිය අනුගමනය කළ නොහැකි බවත්, විශේශඥ වෛද්‍ය මණ්ඩලය නිගමනය කර තිබෙනවා" යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඒ අනුව දෙවන විත්තිකාරිය නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම චෝදනා පත්‍රය සංශෝධනය කර පළමු විත්තිකාර යෝෂිත රාජපක්ෂට එරෙහිව නඩුව ඉදිරියට පවත්වාගෙන යන බවත් ඔහු පැවසීය.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා ඩේසි ෆොරස්ට්ට එරෙහිව තිබූ අධිචෝදනාවලින් ඇය නිදහස් කරන ලෙස නියෝග කළේය.

ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව මාර්තු මස 27 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් අයථා ලෙස අත්පත් කරගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

MostRead
Mobitel 1278
VideoStories
 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

 වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

 “පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

“පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

 2027 අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප වැඩිවෙන හැටි“අපි ඇවිල්ලා 120,000ක් රාජ්‍ය සේවයට බඳවා ගත්තා...”

2027 අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප වැඩිවෙන හැටි“අපි ඇවිල්ලා 120,000ක් රාජ්‍ය සේවයට බඳවා ගත්තා...”

 සුද්දෝ පැටවුන්ට සද්දේ දාපු උණවටුනේ අයියා පොලීසියෙන් කුදලන් ගිය හැටි...

සුද්දෝ පැටවුන්ට සද්දේ දාපු උණවටුනේ අයියා පොලීසියෙන් කුදලන් ගිය හැටි...

කඩවත පොලිස් වෙඩිල්ල...දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට

කඩවත පොලිස් වෙඩිල්ල...දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට

කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

Mobitel 1278
Lassana Flora
Spotlight
 පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

 2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

 TIN ගන්න ජනතාව පොරකති

TIN ගන්න ජනතාව පොරකති

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...