දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ධුරයේ වැඩ අරඹයි

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ධුරයේ වැඩ අරඹයි

February 25, 2026   10:04 am

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා අද (25) උදෑසන ගාල්ලේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී වැඩභාරගනු ලැබීය. 
  
දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, දකුණු පළාතේ ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ආ ව්‍යවස්ථාව ප්‍රකාරව ඊයේ (24) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම සිදුකර තිබුණි.

ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ගුවන්විදුලි, පුවත්පත් සහ සමාජ මාධ්‍ය රාජ්‍ය අනුමණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස සේවය කරන මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශාධිපති ලෙසද රුහුණු විශ්වවිද්‍යාලයේ  ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති ලෙසද කටයුතු කර තිබේ.