ශ්‍රී ලංකා පරාජය දැක සංගා තැබූ සුවිශේෂී 'X' සටහන

ශ්‍රී ලංකා පරාජය දැක සංගා තැබූ සුවිශේෂී 'X' සටහන

February 22, 2026   07:34 pm

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිර 8 වටයේ අද (22) පැවති එංගලන්තයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාව  ලකුණු 51කින් ලැබූ පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබුණි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දැකගත හැකි වූයේ ඉතා දුර්වල ක්‍රීඩා විලාසයක් බවත් ඔහු පෙන්වා දී තිබේ.

කමිල් මිෂාරගේ ක්‍රිඩා විලාසය ද එතරම් උසස් මට්ටමක නොතිබූ බව ඔහු එම සටහනෙන් විශේෂයෙන් පෙන්වා දී ඇත.

ක්‍රීඩාංගණයේ තණතිල්ලේ ස්වභාවය සහ තරගයේ පවතින තත්ත්වය නිවැරදිව වටහා ගැනීමට පිතිකරුවන් අපොහොසත් වීමෙන් ශ්‍රී ලංකාවට මෙම පරාජයට මුහුණ දීමට සිදු වූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.