පුත්තලමේ ත්රීරෝද රථ රියදුරා ඝාතනය කර රථය පැහැරගෙන
February 22, 2026 07:11 pm
කුලී ගමනක් යන මුවාවෙන් කැඳවා ගෙන ගොස් රියදුරු ඝාතනය කර ත්රීරෝද රථයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පුත්තලම පොලීසිය ආරම්භ කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම - තිල්අඩිය, අල්කාසිම් ගම්මානයේ පදිංචිව සිටි 72 හැවිරිදි පස්දරු පියෙක් බව පොලීසිය සඳහන් කරයි.
පසුගිය 21 වෙනිදා රාත්රීයේ මිය ගිය පුද්ගලයාගේ නිවසට පැමිණ ඇති අයෙකු කුලී ගමනක් යාම සඳහායැයි පවසා ඔහුව කැදවා ගෙන ගොස් ඇත.
22 වෙනිදා අළුයම පුත්තලම - අඩපනාවිල්ලුව ප්රාදේශයේ කාණුවක තිබී මිය ගොස් ඇති අයෙකුගේ සිරුරක් ප්රදේශවාසියෙකු විසින් දැක ඒ බව පොලීසියට දැනුම්දීමට කටයුතු කර තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ පෙර දින කුලී ගමනක් යාම සඳහා ගිය ත්රීරෝද රථයේ හිමිකරු බවට ඔහුගේ ඥාතීන් හඳුනාගෙන ඇත.
සොරාගන්නා ලද බව කියන ත්රීරෝද රථය මේ දක්වා හමුවී නොමැති අතර ඝාතනයට ලක්වු අයගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පුත්තලම පොලීසිය විසින් ක්රියාත්මකවේ.
