නව නීතිය යටතේ වෙනිසියුලාවේ දේශපාලන සිරකරුවන් සමාවට ඉල්ලුම් කරයි

නව නීතිය යටතේ වෙනිසියුලාවේ දේශපාලන සිරකරුවන් සමාවට ඉල්ලුම් කරයි

February 22, 2026   04:49 pm

වෙනිසියුලානු රජය විසින් හඳුන්වාදුන් නව නීතිය යටතේ සමාව ලබාගැනීම සඳහා බන්ධනාගාර ගතව සිටින දේශපාලන සිරකරුවන් 1,500කට අධික පිරිසක් ඉල්ලීම් සිදුකර ඇති බව එරට ජාතික සභාව පවසයි.

නව නීතිය යටතේ දේශපාලන සිරකරුවන් 1,557 දෙනෙකු සමාව ලබාගැනීම සඳහා ඉල්ලුම් කර ඇති බව වාර්තා වේ.

එම නීතිය යටතේ මේ වන විටත් දේශපාලන සිරකරුවන් සිය ගණනකට සමාව ලබාදී නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සිය භාරයට ගැනීමෙන් පසු අමෙරිකාව විසින් වෙනිසියුලානු බලධාරීන්ට දැනුම් දී තිබුණේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසය.