කැබ් රථයක් පාලමකින් පහළට පෙරළෙයි

කැබ් රථයක් පාලමකින් පහළට පෙරළෙයි

February 22, 2026   08:43 am

මොනරාගල - පොතුවිල් ප්‍රධාන මාර්ගයේ, මොනරාගල නගරය ආසන්නයේදී කැබ් රථයක් පාලමකින් පහළට පෙරලීමෙන් අනතුරක් සිදු ව තිබේ.

එම අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම අනතුරින් කැබ් රථයට, පාලමට සහ මොනරාගල නගරයට ජලය ගෙන එන ප්‍රධාන ජල නල පද්ධතියට දැඩිව අලාභ හානි සිදු වී ඇත.

අනතුර සම්බන්ධයෙන් මොනරාගල පොලිසීය ඉදිරි විමර්ශන සිදු කරයි.