අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණියක් අත්අඩංගුවට
February 22, 2026 07:20 am
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 110ක් සමඟ සැකකාරියක් ගල්කිස්ස, විලියම් පෙදෙසදී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ගල්කිස්ස පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
