කොළඹ - මහනුවර මාර්ගයේ මාරක අනතුරක්
February 22, 2026 06:36 am
කොළඹ - මහනුවර මාර්ගයේ වේවැල්දෙනිය ප්රදේශයේදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්රථිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින්, යතුරුපැදිකරු හා පසුපැදිකාරිය තුවාල ලබා ඇති අතර යතුරුපැදිකරු වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
පසුපැදිකාරිය වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 21ක් වූ දඹුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දංඕවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
