දොඩන්ගොඩින් අධිවේගී මාර්ගයට ඇතුළුවන හා පිටවන වාහන විශේෂ පරීක්ෂාවකට
February 21, 2026 06:26 am
කළුතර දොඩන්ගොඩ පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවන හා පිටවන වාහන ඊයේ (20) රාත්‍රියේ විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණි.
ඒ, සංවිධානාත්මක අපරාධ සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් අවම කිරීමේ අරමුණින් ය.
මෙහිදී එම වාහනවල ගමන් ගන්නා පුද්ගලයන් පිළිබඳවද විශේෂ නිරීක්ෂණයක් සිදුකිරීම දොඩන්ගොඩ පොලිසියේ සහ දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව සිදුකර තිබුණි.
