ශ්රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
February 19, 2026 02:37 pm
විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 'B'කාණ්ඩයේ තරග අවසන් කරමින් අද (19) පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්රී ලංකාව සමත් විය.
ඒ අනුව නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
අද තරගයේ දී ශ්රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව ඇති අතර, ඒ අනුව ඩිල්ෂාන් මධුසංඛ හා ප්රමෝද් මදුශාන් කැඳවා ඇත.
ආබාධයකට ලක්ව තරගාවලිය අහිමි වූ මතීෂ පතිරණ වෙනුවට ඩිල්ෂාන් මධුසංඛද, අද තරගයෙන් විවේග ගන්වා ඇති දුෂ්මන්ත චමීර වෙනුවට ප්රමෝද් මදුශාන්ද මෙලෙස කැඳවා තිබේ.
