විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 26ක් දැලේ
February 19, 2026 10:54 am
දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ (18) දින වාර්තාවට අනුව අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 26ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහෙයුම් මගින් බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 309ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මේ අතර, සැකපිට පුද්ගලයින් 549 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් විවෘත වරෙන්තුකරුවන් ගණන 185ක් බව වාර්තාවේ සඳහන් වෙයි.
මෙහි සම්පූර්ණ වාර්තාව පහතින්,

