ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම්දීමක්
February 18, 2026 05:17 pm
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින්, නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් එම ප්‍රදේශය අශ්‍රිතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශයේ තද වැසි හෝ ගිගුරුම සහිත වැසි සහ පැ.කි.මි (50-60) පමණ තද සුළං ඇතිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව දැනුම් දී තිබේ.
පද්ධතියේ හැසිරීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් සිටින බැවින් මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී ඇත.
