T20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

T20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

February 18, 2026   02:22 pm

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 3වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පෙරේදා (16) අවසන් වූ තරගයේ දී ක්‍රීඩාකළ විශිෂ්ට ශතකය හේතුවෙන් ඔහු 6වන ස්ථානයේ සිට මෙලෙස ඉදිරියට පැමිණ තිබේ.

මෙහි පෙරමුණේ ඉන්දීය ආරම්ක පිතිකරු අභිෂේක් ෂර්මා රැඳී සිටින අතර, දෙවන ස්ථානයේ එංගලන්ත ආරම්භක පිතිකරු පිල් සෝල්ට් රැඳී සිටියි.

කෙ‍සේ නමුත් පැතුම් හැරෙන්න පළමු දස දෙනා අතර වෙනත් කිසිදු පිතිකරුවෙකු නොමැත.