නේපාලයට කඩුලු 7ක ජයක්

නේපාලයට කඩුලු 7ක ජයක්

February 17, 2026   11:02 pm

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය හා නේපාලය අතර අද (17) පැවති තරගයෙන් කඩුලු 7කින් ජයගැනීමට නේපාල කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනූ නේපාල කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ස්කොට්ලන්තයට ආරාධනා කළේය.

එහිදී ස්කොට්ලන්ත නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 170ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නේපාල කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 171ක් ලබා ගනිමින් සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.