අකුරේගොඩ ඝාතකයින් පලාගිය බවට සැක ගිනිගත් මෝටර් රථය රස පරීක්ෂක පරීක්ෂාවට
February 17, 2026 11:53 am
අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන, ගාල්ල බද්දේගම අගලිය ප්රදේශයේ දී ගිනිතබා තිබූ මෝටර් රථය පරීක්ෂා කිරීම සඳහා අද (17) පෙරවරුවේ රජයේ රස පරීක්ෂක නිලධාරීන් පැමිණ තිබේ.
මෙම මෝටර් රථය පසුගිය 15වනදා ගාල්ල අගලිය, කුට්ටියාවත්ත අතුරු මාර්ගයක තිබියදී සොයා ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත් විය.
එම කාර්යාංශය පැවසුවේ මෝටර් රථය සොයා ගන්නා අවස්ථාවේදීත් එය ගිනි ගනිමින් තිබුණු බවය.
නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ ඝාතනයට පැමිණි බව කියන මෙම මෝටර් රථය ගාල්ල අගලිය ප්රදේශයේ දමා ගොස් ඇති බවට ලද තොරතුරුක් අනුව පොලීසිය එම ස්ථානයට ගොස් තිබූ අතර එහිදී නිලධාරීන් දැක ඇත්තේ අදාළ මෝටර් රථය ගිනි ගනිමින් තිබෙන බවය.
