දුම්රියේ ගැටී වනඅලියෙකු මරුට - දුම්රියත් පීලි පනී
February 17, 2026 09:22 am
කොළඹ සිට ත්රිකුණාමලයේ බලා ධාවනය වුණු අංක 943 දරන රාත්රී තැපැල් දුම්රිය, කිතුල්උතුව 151 කණුව අසලදී වනඅලියෙකුගේ ගැටීම නිසා අද(17) අළුයම පිළිපැනීමට ලක්ව ඇති අතර වනඅලියා එම ස්ථානයේදීම මියගොස් තිබේ.
දුම්රිය එන්ජිමේ වනඅලියා ගැටී ඇති අතර ඔහුගේ පාදයේ කොටස් එන්ජිමේ සිරවීම නිසා මෙසේ පීලි පැනීමට ලක්ව ඇති බව වාර්තා වේ.
වනජීවි නිලධාරීන් සඳහන් කළේ මෙම වනඅලියා කවුඩුල්ල රක්ෂිතයේ සිට සෝමාවතිය රක්ෂිතයට දුම්රිය මාර්ගය ඔස්සේ මාරුවීමේදී මෙසේ දුම්රියේ ගැටී ඇති බවය.
මියගිය වන අලියා වයස අවුරුදු පහළොවක පමණ වන අලියෙක් වන අතර උස අඩි හතක් පමණ වන බව ද වනජීවි නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.
