තිස්සමහාරාමයේ පාසල් වෑන් සහ බස් රථ හදිසි පරීක්ෂාවකට
February 16, 2026 01:55 pm
තිස්සමහාරාම නගරයට පාසල් දරුවන් ප්‍රවාහනය කරන පාසල් බස් රථ සහ වෑන් රථ හදිසි පරීක්ෂා කිරීමකට ලක් කර තිබේ.
එහිදී ධාවනයට නුසුදුසු පාසල් බස් රථ 23ක් හා වෑන් රථ 3කට තහනම් නියෝග ලබා දුන් බව තිස්සමහාරාම පොලීසිය පවසයි.
අදාළ වෑන් රථ සහ බස් රථ දෙබරවැව ජනාධිපති විද්‍යාලය ඉදිරිපිටට ගෙන්වා මෙසේ පරීක්ෂාවට ලක් කර ඇති අතර ඒ සඳහා රථ වාහන පරීක්ෂකවරුන් ද සහභාගී වී ඇත.
කෙසේවෙතත් පොලීසිය සඳහන් කළේ මෙහිදී රථවාහන 29ක් පරීක්ෂාවට ලක් කළ අතර ඉන් 26ක්ම ධාවනයට නුසුදුසු තත්ත්වයක පැවති බවය.
මෙම රථ වාහන නැවතත් ධාවනයට සුදුසු පරිදි සකසා, රථ වාහන පරීක්ෂකවරයෙකු ලවා පරීක්ෂා කර ඉන් සමත් වුවහොත් පමණක් නැවත ධාවනයට එක් කිරීමට ඉඩ ලබාදෙන බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.
