ජෝර්ජිවා අද දිවයිනට
February 16, 2026 10:48 am
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අද (16) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
තෙදින සංචාරයක් සඳහා ඇය මෙසේ පැමිණීමට නියමිත අතර එළැඹෙන බඳාදා දක්වා මෙරට තුළ රැඳී සිටීමට නියමිතව ඇත.
මෙම සංචාරය අතරතුර ක්‍රිස්ටලිනා ජෝර්ජිවා රජයේ බලධාරීන් සහ ප්‍රධාන පාර්ශවකරුවන් හමුවීමට නියමිත අතර, 'දිට්වා' සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ බලපෑම පිළිබඳව සෘජුවම නිරීක්ෂණය කිරීමටද නියමිතය.
එමෙන්ම රට යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා සහාය විය හැකි ක්‍රම සහ මෙරට පුරවැසියන් වෙනුවෙන් වඩාත් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දායක විය හැකි ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.
