AI Impact සමුළුව අද ඇරඹෙයි
February 16, 2026 10:15 am
කෘතිම බුද්ධිය (AI) මගින් ඇතිවන රැකියා අර්බුදය, ළමා ආරක්ෂාව සහ සදාචාරාත්මක භාවිතය පිළිබඳව ලෝක අවධානය යොමු කරමින් "AI Impact Summit 2026" අද (16) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ආරම්භ වීමට නියමිතය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිත මෙම පස්දින සමුළුව සඳහා ලෝක නායකයින් 20දෙනෙකු සහ රටවල් 45ක අමාත්‍ය මට්ටමේ නියෝජිත පිරිසක් සහභාගී වන බව වාර්තා වේ.
මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ AI තාක්ෂණය මගින් සිදුවන සමාජීය හා පාරිසරික අවදානම් අවම කරමින්, ගෝලීය සහයෝගීතාව සඳහා පොදු මාර්ග සිතියමක් සකස් කිරීමය.
විශේෂයෙන්ම මෑතකාලීනව මහත් ආන්දෝලනයකට තුඩු දුන් 'Deepfakes' සහ ළමුන් ඉලක්ක කර ගනිමින් නිර්මාණය වන හානිකර අන්තර්ගතයන් පාලනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය.
කෙසේවෙතත් පෙබරවාරි 20වනදා දක්වා පැවැත්වෙන මෙම පස්දින සමුළුව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
මෙම සමුළුව සඳහා සහභාගී වීමට නියමිත රාජ්‍ය නායකයින්,
1. Bhutan – H.E. Mr. Tshering Tobgay, Prime Minister
2. Bolivia – H.E. Mr. Edmand Lara Montano, Vice President
3. Brazil – H.E. Mr. Luiz Inácio Lula da Silva, President
4. Croatia – H.E. Mr. Andrej Plenković, Prime Minister
5. Estonia – H.E. Mr. Alar Karis, President
6. Finland – H.E. Mr. Petteri Orpo, Prime Minister
7. France – H.E. Mr. Emmanuel Macron, President
8. Greece – H.E. Mr. Kyriakos Mitsotakis, Prime Minister
9. Guyana - H.E. Dr. Bharrat Jagdeo, Vice President
10. Kazakhstan - H.E. Mr. Olzhas Bektenov, Prime Minister
11. Liechtenstein – H.S.H. Hereditary Prince Alois, Hereditary Prince of the Principality of Liechtenstein
12. Mauritius – H.E. Dr. Navinchandra Ramgoolam GCSK, FRCP, Prime Minister
13. Serbia – H.E. Mr. Aleksandar Vučić, President
14. Slovakia – H.E. Mr. Peter Pellegrini, President
15. Spain – H.E. Mr. Pedro Sánchez Pérez-Castejón, President
16. Sri Lanka – H.E. Mr. Anura Kumara Disanayaka, President
17. Seychelles - H.E. Mr. Sebastien Pillay, Vice President
18. Switzerland – H.E. Mr. Guy Parmelin, President
19. The Netherlands – H.E. Mr. Dick Schoof, Prime Minister
20. UAE – H.H. Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan, Crown Prince of Abu Dhabi
