කාසියේ වාසිය පාකිස්තානයට

කාසියේ වාසිය පාකිස්තානයට

February 15, 2026   06:35 pm

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩාත් අවදානය දිනාගත් තරගය ලෙස සැලකෙන ඉන්දු - පාකිස්තාන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තානය සමත් විය.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

'A' කාණ්ඩයේ තරගයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මෙම තරගය පැවැත්වේ.

මේ වනවිට ඉන්දියාව හා පාකිස්තානය ක්‍රීඩාකළ තරග දෙකම ජයගෙන අපරාජිතව සිටින අතර, ඒ අනුව අද තරගයෙන් ජයගන්නා කණ්ඩායමට සුපිරි 8 වටයට පිවිසීමට අවස්ථාව උදාවේ.

2007 වසරේ සිට මේ දක්වා ඉන්දියාව හා පාකිස්තානය අතර විස්සයි20 තරග 16ක් පවත්වා ඇති අතර, ඉන් තරග 12ක්ම ජයගෙන ඇත්තේ ඉන්දියාවයි.

පාකිස්තානය තරග 3ක් ජයගෙන ඇති අතර, එක් තරගයක් ලකුණු සමවී තිබේ.