විදුලිබල ක්ෂේත්‍රය ගැන විවාදයක් ලබන 20 වෙනිදා

විදුලිබල ක්ෂේත්‍රය ගැන විවාදයක් ලබන 20 වෙනිදා

February 15, 2026   05:03 pm

විදුලිබල ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳව සභාව කල්තැබීමේ විවාදයක් ලබන 20 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව විපක්ෂය විසින් ගෙනඑනු ලබන මෙම යෝජනාව එදින පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතය.

ගල්අඟුරු ආනයනයේදී දූෂණ සහ අක්‍රමිකතා සිදුව ඇති බවට දේශපාලන වේදිකාවේ කතාබහක් සිදු වන පසුබිමක මෙම විවාදය පැවැත්වීමත් විශේෂත්වයකි. 

මේ අතර 2026 වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලිය ගාස්තු  සියයට 13.56කින් ඉහළ දැමීමේ යෝජනාව ද ඊයේ (14) විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමු කරනු ලැබීය. 

මෙම විවාදයේදී මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වනු ඇතැයි තොරතුරු වාර්තා වෙයි.