
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 'C'කාණ්ඩයෙන් සුපිරි 8 වටයට සුදුසුකම් ලබාගැනීමට බ.ඉ. කොදෙව් කණ්ඩායම අද (15) සමත්විය.
ඒ මුම්බාහිහි පැවති තරගයෙන් නේපාලය කඩුලු 09කින් පරාජය කරමිනි.
මෙහි පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාලයට පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 133ක් රැස්කිරීමට සමත්වූ අතර, ඊට පිළිතුරු ලෙස බ.ඉ. කොදෙව්වන් පන්දුවාර 15.2කදී එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
මෙම ජයත් සමග සුපිරි 8 වටයට සුදුසුකම් ලබාගැනීමට බ.ඉ. කොදෙව් කණ්ඩායම සමත්විය.
එමෙන්ම තරග 3ක් පරාජය වූ නේපාලයට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.




































