header logo
Vallibel FD
විශේෂාංග
අකුරේගොඩ ද්විත්ව ඝාතනයත් සමගින් පාතාලයත් කැළඹෙයි
Feb 14, 202605:18 PM
අකුරේගොඩ ද්විත්ව ඝාතනයත් සමගින් පාතාලයත් කැළඹෙයි
Mobitel 1278

2025 වසර මෙන්ම මෙම වසර ආරම්භයේදී වෙඩිතැබීම් සිද්ධි කිහියපක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා විය.

වසර ආරම්භ වී මාස එක හමාරක පමණ කලක් ගත වනවිටත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙඩිතැබීමේ සිද්ධි 7ක් වාර්තා වූ අතර එම වෙඩිතැබීමේ සිද්ධීන්වලින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇත.

මෙමගින් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් තවදුරටත් ක්‍රියාත්මක වන බව පෙනෙන්නට ඇත.

මෙම වෙඩි තැබීමේ සිද්ධීන්වලින් වඩාත් කතා බහට ලක්වූ වෙඩිතැබීමේ සිද්ධිය ලෙස ඊයේ (13) පස්වරුවේ සිදුවූ අකුරේගොඩ ද්ත්ව ඝාතනය සඳහන් කළ හැකිය.

මෙම ද්ත්ව ඝාතනය සිදුවෙන්නේ අකුරේගොඩ යුදහමුදා මූලස්ථානය අසල පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී වන අතර මෙම ඝාතනය රටම කම්පා කළ සිද්ධියක් විය.

මෙම ඝාතනය සිදුවන්නේ අධිආරක්ෂිත කාලාපයක් ආසන්නයේ වීමද විශේෂත්වයකි.

සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයක සිටි නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳව ඉලක්කකර මෙම වෙඩිතැබීම සිදුව තිබුණි.

මෝටර් රථයකින් පැමිණෙන වෙඩික්කරුවන් දෙදෙනෙකු ටී-56 වර්ගයේ ගිනිඅවි 2ක් රැගෙන එම මෝටර් රථයේ පිටුපස අසුනෙන් බැස වෙඩිතැබීම ඉලක්ක වු මෝටර් රථයේ ඉදිරිපස දෙපසින් ගොස් වෙඩි තැබීම සිදුකර තිබුණි.

වෙඩික්කරුවන් වෙඩි ප්‍රහාර 10ක් පමණ එල්ලකර පලාගොස් ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය විය.

ඉන් ජීප් රථයේ සිටි අඹුසැමි යුවළ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.

එලෙස ඝාතනයට ලක්වුණු නීතීඥවරයා බුද්ධික මල්ලවආරච්චි නම් 44 හැවිරිදි අයෙක්වන අතර ඔහු බිරිඳ 42 හැවිරිදි ඩබ්ලිව්.ඒ. නිසංසලා නම් කාන්තාවකි.

පොලීසිය පැවසුවේ, අදාළ නීතීඥවරයා මීට පෙර අපරාධකරුවකු වන “කරන්දෙණිය සුද්දා” ලෙස හඳුන්වන අපරාධකරුවෙකුගේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිට අනතුරුව ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන "ලොකු පැටී" නැමැති අපරාධකරුගේ නඩු කටයුතු සඳහා පෙනී සිට ඇති බවය.

ඒ අනුව, කරන්දෙණිය සුද්දාගේ තොරතුරු ලොකු පැටී නැමැත්තාට ලබාදී ඇති බවට ඇති වූ සැකයක් මත මෙම ඝාතනය සුද්දාගේ පාර්ශ්වය විසින් සිදුකර ඇති බවට සැක කරන බව පොලීසිය සඳහන් කළේය.

නීතිඥවරයාගේ වෘත්තීය පසුබිම

අදාළ නීතීඥවරයා වසර 5ක පමණ කාලයක සිට අපරාධවලට සම්බන්ධ නඩු සඳහා පෙනී සිටීම ප්‍රධාන වශයෙන්ම සිදුකර ඇති බවයි වාර්තා වෙයි.

දිවයිනේ ප්‍රදේශ රැසක එවැනි නඩු සඳහා පෙනී සිටිමින්, පොලිසිය අත්අඩංගුවට ගන්නා අපරධකරුවන් පොලිස් ස්ථාන තුළදී හා විමර්ශන ඒකක වෙත ගොස් හමුවීම සහ බන්ධනාගාරවලට ගොස් හමුවීම සිදුකරමින් සිය වෘත්තීය කටයුතු කර ඇති බව ද සඳහන් වේ.

ඔහු කලකට ඉහතදී අපරාධකරුවකුවන ජයලත් සිල්වා නොහොත් කරන්දෙණියේ සුද්දා නැමැත්තාගේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිට ඇති බවයි වාර්තා වේ.

අනතුරුව ඔහුගේ ප්‍රතිවාදියාවන සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටීගේ නඩු කටයුතු සඳහා පෙනී සිට තිබේ.

ලොකු පැටී බෙලරූස්හීදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමෙන් පසුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රඳවා සිටි කාලයේදී ඝාතනය වූ නීතීඥවරයා එහි පැමිණ ඔහු හමුවී අවශ්‍ය නීති උපදෙස් ද ලබාදී ඇති බවයි වාර්තා වෙයි.

ලොකු පැටී විසින් මෙහෙයවූ බව කියන ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට අදාළ නඩුව ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබූ නඩුවටද ඔහු පෙනී සිට ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව ඔහු ලොකු පැටී සමග සබඳතා පැවැත්වීම නිසා තමන්ගේ රහස්‍ය තොරතුරු ඔහුට ලබාදී ඇතැයි ඇති වූ සැකය මත කරන්දෙණියේ සුද්දා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලිසිය සැකපළ කෙරේ.

මෙම ඝාතනයත් සමග කරන්දෙණියේ සුද්දාගේ නීති කටයුතු සිදුකරන පාර්ශ්ව වෙත ප්‍රහාරයක් එල්ලකිරීමට ලොකු පැටී පාර්ශ්වය විසින් සැලසුම් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

කරන්දෙණිය සුද්දා සහ ලොකු පැටී

ජයලත් සිල්වා නොහොත් “කරන්දෙණිය සුද්දා” විදෙස්ගතව සැඟව සිටින මෙරට ප්‍රධානපෙලේ අපරාධකරුවකු ලෙස හැඳින් විය හැකිය.

ඔහු හමුදාවෙන් පලායෑමෙන් අනතුරුව දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් සිය අපරාධ කටයුතු මෙහෙයවා තිබේ.

“කරන්දෙණිය සුද්දා” මනුෂ ඝාතන කිරීම සඳහා කොත්ත්‍රාත් ලබා ගන්නා අයෙකු බවත් ඔහු විසින් මත්ද්‍රව්‍ය ජවාරම සහ මන්කොල්ල කෑම් වැනි අපරාධ සිදුකර ඇති බවටද පොලිස් වාර්තා පෙන්වා දෙයි.

සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටීගේ නම වැඩිවශයෙන් කතාබහකට ලක් වන්නේ, ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙසට ඔහු හඳුනාගැනීමත් සමඟය.

සංවිධානාත්මක අපරාධ ක්‍රියා රැසකට සම්බන්ධ වූ ඔහු 2024 වසරේ අගෝස්තු මස බෙලරූස්හීදී අත්අඩංගුවට පත්විය.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiF9ZJxf4pBc66Xq29QwM7bbQ7aemXRbJLAW-qHFxSMSyvznfV57hH5bg_yi_LkTc06ctyc1wB7S0tsvUbeEXB2Yacf1hBej9gk9g-TSaEjM8mpQoV0xhp19plf5BVcdwC1Mp2RhtEtghZsaWBSBOxou5bjn4lHT4RguiVDdj1PoQLrTCfoTGedCfiP9qJI/s1600/amarsuriya_L.jpg

නීතිඥ සංගමයේ ස්ථාවරය - “නීතියේ ආධිපත්‍ය දැන් තර්ජනයට ලක් වෙලා”

මෙවැනි ඝාතන සිදුවීම් නීතියේ ආධිපත්‍යය (Rule of Law) පිළිබඳ මහජන විශ්වාසයට සෘජු ලෙස බලපායි. නීතිඥයෙකු පවා ආරක්ෂිත නොවන්නේ නම්, සාමාන්‍ය පුරවැසියාගේ ආරක්ෂාව කෙසේද යන්න පිළිබඳ සැක මතුවේ.

මෙවැනි වාතාවරණයක් තුළ වසර 14කට පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලු සාමාජිකයින්ගේ හදිසි මහ රැස්වීමක් හෙට (15) කොළඹදී පැවැත්වීමට තීරණය කළේය.

අද පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා සඳහන් කළේ, අදාළ වෙඩිතැබීම සමස්ත නීතිඥ ප්‍රජාවටම බලපාන සිද්ධියක් බවය.

සභාපතිවරයා අවධාරණය කළේ, අපරාධකරුවෙකු කවුරු වුවද නීති පද්ධතිය තුළ ඔහුට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය හිමිවන බවයි.

“චූදිතයන් බොහෝ අවස්ථාවල නිදොස් කොට නිදහස් වෙනවා. ඒක පද්ධතියේ ක්‍රියාකාරීත්වය. නීතිඥවරයෙක් සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටින එක නිසා මෙවැනි ප්‍රහාරයකට ලක්වීම කියන්නේ මුළු නීති පද්ධතියටම එල්ල කරන ප්‍රහාරයක්,” යැයි ඔහු පැවසීය.

නීතියේ ආධිපත්‍ය දැන් තර්ජනයට ලක්ව ඇති බවත්, අද නීතිඥවරයෙකු වනු ඇති නමුත් හෙට විනිසුරුවරයෙකු, පොලිස් නිලධාරියෙකු හෝ බන්ධනාගාර නිලධාරියෙකු විය හැකි බවත් ඔහු සඳහන් කළේය.

“අපි ඉන්නේ 2026. හැත්තෑ ගණන්වල, අසූ ගණන්වල නෙමෙයි. රජයට වගකීමක් තියෙනවා පුරවැසියන් ආරක්ෂා කරන්න. අවශ්‍ය තාක්ෂණය, සීසීටීවී දර්ශන, විශේෂ කණ්ඩායම් යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගත යුතුයි. නීතියේ ආධිපත්‍ය දැඩි ලෙස ආරක්ෂා කළ යුතුයි,” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පොලිස් පරික්ෂණ

කෙසේවෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගැනීම පොලීසියට හැකි වී නැත.

ඊයේ පස්වරුවේ වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය පොලීසිය විසින් සිදුකර තිබුණි.

මෙවන් පසුබිමක අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් දහයක් පොලිස්පතිවරයාගේ උපදෙස්මත යොදවා තිබේ.

මහජන සහාය පැතීම

අද දිනයේ මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨසය සඳහන් කළේ තලංගම, අකුරේගොඩ දී ඊයේ (13) සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කර බවය.

අපරාධය සිදුකිරීමට පැමිණි වෙඩික්කරුවන් හෝමාගම, පොතුඅරාව පාර, අතුරුගිරිය පොලිස් වසම, කොට්ටාව සහ මාකුඹුර යන ප්‍රදේශ හරහා ගමන් කර ඇති බවට දැනට සිදු කරමින් පවතින විමර්ශනවලට අනුව අනාවරණය වී ඇති බව සඳහන්ය.

මෙම සිදුවීම සිදු වූ ඊයේ (13) දින සවස් කාලයේ මෙම මාර්ගවල ගමන් ගත් රථවාහනවල සවිකර ඇති කැමරා පද්ධතිවල (Dash Camera) මෙම සැකකරුවන් පැමිණ ඇති බවට සැකකරෙන අංක EP KI-7738 දරන මෝටර් රථය ගමන් කරන ආකාරය සටහන්ව තිබිය හැකි බව පොලීසිය පවසයි.

ඒ අනුව ඊයේ දින සවස් කාලයේ ඉහත ප්‍රදේශවල ගමන් ගත් වාහන හිමිකරුවන් හා රියදුරන් ඉහත කාර් රථයේ දර්ශන තම වාහනයේ කැමරාවල පටිගත වී ඇත්ද යන්න පරීක්ෂා කර බලා එවැනි දර්ශන ඇත්නම්, නොපමාව ඒ බව පහත දුරකථන ඔස්සේ පොලිසිය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ලබාදෙන තොරතුරුවල පූර්ණ රහසිගතභාවය සුරකින බව ද පොලිසිය වැඩිදුරටත් දන්වා ඇත.

දුරකථන අංක - නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දකුණ දිසාව - 071 8598008
අධ්‍යක්ෂ/ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය - 071 8592279

අවසානයක් නොව ආරම්භයක්

අකුරේගොඩ ද්විත්ව ඝාතනය යනු තවත් සංඛ්‍යාලේඛන එකක් නොවේ. එය නීති වෘත්තිය, අපරාධ ජාල, සහ රාජ්‍ය ආරක්ෂක පද්ධති අතර සංකීර්ණ සම්බන්ධතාවයක් පිළිබඳ දර්ශකයකි.

මෙම සිද්ධිය නීතිඥවරුන්ගේ ආරක්ෂාව, සාක්ෂි රහස්‍යතාව, සහ අපරාධකරුවන්ට එරෙහි නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳ නව සංවාදයක ආරම්භයක් විය හැකිය.

නීතිය රජ කරන සමාජයක් සුරක්ෂිත වන්නේ නීතිය ක්‍රියාත්මක කරන සියලු පාර්ශ්වයන් – පොලිසිය, අධිකරණය, නීතිඥවරුන් සහ පුරවැසියන් – එකම අරමුණක් යටතේ ක්‍රියා කරන විට පමණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්