මවගේ අනියම් පෙම නිසා දියණිය මරු තුරුළට
February 14, 2026 01:08 pm
හෝමාගම මාගම්මන සමගි මාවත ප්රදේශයේ දී පුද්ගලයෙකු සිදු කළ පහරදීමකින් වයස අවුරුදු 03ක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මවගේ අනියම් සැමියා විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර සැකකරු මේ වන විට ප්රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
තමාට 'පියා' ලෙස ආමන්ත්රණය කරන්නැයි බලකර අදාළ සැකකරු විසින් මීට පෙර අවස්ථාවන්වලදී ද මෙම දියණියට පහරදීම් සිදු කර ඇත.
කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දියණියගේ මව පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
