මාපිටිය ගල් වලේ බෝර දැමූ ගලකට යටවී දෙදෙනෙක් මරුට
February 14, 2026 12:40 pm
ලියන්ගහවෙල, මාපිටිය ගල්වලේ සේවය කරමින් සිටි කම්කරුවන් දෙදෙනෙකු අද (14) එහි එහි සිදුකළ බෝර ගැසීමක් අතරතුර පස් හා ගල්වලට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.
බණ්ඩාරවෙල - පූනාගල මාර්ගයේ 16-17 කිලෝමීටර් කණු අතර මෙම ගල්වල පිහිටා තිබේ.
මියගිය අයගේ සිරුරු ගොඩගැනීමට සඳහා යුධ හමුදාවේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසීය.
