පාකිස්තානයේ ප්‍රබල භූකම්පනයක්

පාකිස්තානයේ ප්‍රබල භූකම්පනයක්

February 13, 2026   04:36 pm

නිරිතදිග පාකිස්තානයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් මෙම භූකම්පනය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් මෙම භූ කම්පනයට හට ගෙන ඇති බව සඳහන් වේ.

භූකම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.