රසායනික ද්‍රව්‍යයක් ආඝ්‍රණයවීමෙන් පාසල් සිසුවියන් 13ක් රෝහලට

රසායනික ද්‍රව්‍යයක් ආඝ්‍රණයවීමෙන් පාසල් සිසුවියන් 13ක් රෝහලට

February 13, 2026   01:53 pm

මොරටුව ප්‍රදේශයේ පාසලක සිසුවියන් පිරිසක් කිසියම් රසායනික ද්‍රව්‍යයක් ආඝ්‍රණය වීමෙන් ශ්වසනය අපහසුතා ඇති වීම හේතුවෙන් පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

සිසුවියන් 13 දෙනෙකු රෝහලගත කර ඇති බව සඳහන්ය.

අදාළ සිසුවියන් පාසලේ රසායනාගාර පරීක්ෂණයකදී මෙම සිද්ධියට මුහුණපා ඇති බව පැවසෙයි. 

කෙසේ නමුත් රෝහල්ගත කර ඇති සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්ය.