දූත මණ්ඩල ප්‍රධානීන් සිව් දෙනෙකුගේ නාමයෝජනාවලට අනුමැතිය
February 13, 2026 12:38 pm
දූත මණ්ඩල ප්‍රධානීන් සිව් දෙනෙකුගේ නාමයෝජනාවලට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ඒ ආචාර්ය හරිණි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 06 වැනි දින එම කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීය.
ඒ අනුව, ඊශ්‍රායල රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස නම් කරන ලද හොරණ මහවත්තේ ගෙදර සමන් කුමාර් චන්ද්‍රසිරි, කෙන්යා ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස නම් කරන ලද වර්ණකුලසූරිය පීටර් රොහාන් ධම්මික ප්‍රනාන්දු, ලෙබනන් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස නම් කරන ලද අනුර විතානගේ සහ පලස්තීන රාජ්‍යය සඳහා ශ්‍රී ලංකා නියෝජිත ලෙස නම් කරන ලද මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවුසර් යන මහත්වරුන්ගේ නාමයෝජනාවලට මෙලෙස පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි ඇත.
