පාසල් පළමු වාරයේ පළමු අදියර අදින් අවසන්

පාසල් පළමු වාරයේ පළමු අදියර අදින් අවසන්

February 13, 2026   12:17 pm

2026 පාසල් පළමු වාරයේ පළමු අදියර අදින් (13) අවසන් වේ.

ඒ අනුව රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අද සිට එළැඹෙන මාර්තු 02වැනි දින දක්වා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

පළමු වාරයට අදාළ දෙවන අදියරේ පාසල් කටයුතු මාර්තු මස 03 වැනි දින ආරම්භ කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති අතර එම දෙවන අදියරේ පාසල් කටයුතු එළැඹෙන අප්‍රේල් මස 10 වැනි දින දක්වා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.  

මේ අතර අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2025) විභාගය එළැඹෙන 17 වැනි අඟහරුවාදා දින ආරම්භ වීමට නියමිතය.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එළැඹෙන 17 වැනි දින සිට 26 වැනි දින දක්වා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,545කදී පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඊට අදාළ සියලුම උපකාරක පන්ති පැවැත්වීමද පසුගිය 11 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කිරීමටද විභාග දෙපාර්තමේන්තුව පියවර ගැනුණි.