ඉදිරි කාලගුණය ගැන විශේෂ නිවේදනයක්

ඉදිරි කාලගුණය ගැන විශේෂ නිවේදනයක්

February 13, 2026   11:43 am

ඉදිරි කාලගුණය පිළිබඳව විශේෂ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ, අනිද්දා (15) දින පමණ වන විට ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ඇති වීමට ඉඩ ඇති බවය.

ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (13) පෙ.ව. 10.30ට නිකුත් කරන එම නිවේදනයේ දැක්වෙන්නේ, මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසය.