නවසීලන්තයට කඩුලු 10ක සුපිරි ජයක්
February 10, 2026 06:12 pm
විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්ය කණ්ඩායම අතර පැවැති තරගය කඩුලු 10කින් ජයගැනීමය නවසීලන්ත කණ්ඩායම සමත්විය.
චෙන්නායිහිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්ය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 173ක් ලබා ගැනීමට සමත් වුණි.
එම ඉනිම වෙනුවෙන් නොදැවී පන්දුවට පහරදුන් නායක මොහොමඩ් වසීම් ලකුණු 66ක් රැස්කළේය.
ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්වාර 15යි පන්දු 2ක් තුළ කිසිවෙකුත් නොදැවී ලකුණු 175ක් රැස්කරමින් සිය ඉලක්කය පසුකර ගියේය.
එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Tim Seifert නොදැවී ලකුණු 89ක් රැස්කළ අතර Finn Allen නොදැවී ලකුණු 84ක් රැස්කළේය.
