වනිඳු T20 ලෝක කුසලානයෙන් ඉවතට

වනිඳු T20 ලෝක කුසලානයෙන් ඉවතට

February 10, 2026   05:49 pm

ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදු තිබේ.

ඒ පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සමඟ පැවති පළමු තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන්ය.

වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්තව බොහෝදුරට කණ්ඩායමට කැඳවනු ඇති බව වාර්තා වෙයි. 

ඊයේ දිනයේදී වනිඳු MRI පරීක්ෂණයකට මුහුණ දුන් වනිඳු හසරංගගේ ආබාධ තත්ත්වය සුව නොවීම හේතුවෙන්, මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කරන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරගය එළැඹෙන 12 වැනිදා ඕමානය සමඟ පැවැත්වෙන අතර තරගය එය පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංණයේදී පැවැත්වීමට නියමිතයි.