නෙදර්ලන්තයට කඩුලු 7ක ජයක්

නෙදර්ලන්තයට කඩුලු 7ක ජයක්

February 10, 2026   02:19 pm

2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියාව සහ නෙදර්ලන්තය අතර අද(10) පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්තය සමත් විය.

දිල්ලිහිදී පැවැත්වෙන එම තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නැමීබියා කණ්ඩායමට ලබා දුන්නේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 156ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

එහිදී නෙදර්ලන්තය වෙනුවෙන් Bas de Leede නොදැවී ලකුණු 72ක් රැස් කළ අතර Colin Ackermann ලකුණු 32ක් ලබා ගත්තේය.