මෝදි සහ මැලේසියානු අගමැති අතර  ද්විපාර්ශ්වික සාකච්ඡා

මෝදි සහ මැලේසියානු අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

February 8, 2026   02:44 pm

මැලේසියාවේ සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් අතර අද (08) ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

එහිදී ආපදා කළමනාකරණ, සාම සාධක සහ තාක්ෂණික ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව සහයෝගිතා ගිවිසුම් ද හුවමාරු කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය  වාර්තා කර ඇත.

දෙදින රාජ්‍ය සංචාරයක් අරඹමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැලේසියාව වෙත පැමිණියේ ඊයේ (07) දිනයේදී ය.

ඉන්දියාව සහ මැලේසියාව අතර දේශපාලන සහ ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීම සහ සහයෝගීතාවය වර්ධනය කරගැනීම මෙම සංචාරයේ අරමුණ බව සඳහන් වේ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ ඉන්දීය අගමැතිවරයා පවසා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීම, බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම සහ සමුද්‍රීය ආරක්ෂාව ආදී ක්ෂේත්‍රවල සහයෝගීතාවය වර්ධනය කරගැනීමට දෙරටම අපේක්ෂා කරන බවය.

එමෙන්ම ඉන්දියාව සමඟ සමීපව කටයුතු කිරීමෙන් මැලේසියාවට වැඩි ආර්ථික ප්‍රතිලාබ ලැබෙන බව මැලේසියානු අග්‍රාමාත්‍ය ඊබ්‍රහිම් මෙහිදී පවසා සිටියේය.