ගංජා තොගයක් සමග  සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

February 8, 2026   09:46 am

උඩවලව ජාතික වනෝද්‍යානයේ ගෝමගල ප්‍රදේශයේදී, ගංජා ඇසුරුම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහි තිබී වියළි ගංජා කිලෝග්‍රෑම් 582ක පමණ ප්‍රමාණයක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.

හම්බේගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 47 හා 51 වයස්වල පසුවන කටුවන හා මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ.

සැකකරුවන් අද (08) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බේගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.