චමිත්‍රි රඹුක්වැල්ලට ඇප

චමිත්‍රි රඹුක්වැල්ලට ඇප

February 6, 2026   05:23 pm

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල ඇප මත මුදාහැරීමට අධිකරණයට නියෝග කර තිබේ.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියට අද (06) පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකාරිය රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අයථා ලෙස උපයන ලද මුදල් විශුද්ධීකරණය කිරීමට සහය සහ ආධාර අනුබල ලබාදීමේ චෝදනාවට අදාළව ඔහුගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට ගෙන තිබුණි.