සෑම පුද්ගලයින් 7 දෙනෙකුගෙන් එක් අයෙකුට මානසික රෝගයක් ඇති බවට අනාවරණයක්
February 6, 2026 12:14 pm
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු අනුව සෑම පුද්ගලයින් 7 දෙනෙකුගෙන් එක් අයෙකුට මානසික රෝගයක් තිබීමට හැකියාව ඇති බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා පවසයි.
ඊයේ (05) අද දෙරණ 'Big Focus'වැඩසටහනට එක් වෙමින් වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නට විය.
මේ අතර, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙන් පමණක් වසරකට රෝගීන් 50,000කට අධික ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා ගන්නා බව ද දිනකට සායන 600කට ආසන්න ප්‍රමාණයක් සිදු කරන බවද ඔහු සඳහන් කරන්නට විය.
ජාතික මානසික රෝග විද්‍යායතනය වර්ජන වලින් තොරව ක්‍රියාත්මක කරන බවද වෛද්‍යවරයා මෙහිදී සඳහන් කරන්නට විය.
ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවකදී ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට පැමිණ ප්‍රතිකාර ලබා ගත හැකි බවත් 1926 අංකය අමතා උපදෙස් ලබා ගෙන වැඩිදුර ප්‍රතිකාර ලබ ගත හැකි බවද වෛද්‍යවරයා පැවසීය.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා,
"වට්සැප් මාර්ගයෙන්ද උපදෙස් ලබා දෙනවා. විශේෂයෙන්ම තරුණ තරුණියන් ඔවුන් වට්සැප් මාර්ගයෙන් තමයි ඔවුන්ගේ ප්‍රශ්ණ යොමු කරන්නේ. කතා කරනකොට කාටවත් ඇහෙයි කියන බයට. ඔවුන් තියෙන ප්‍රශ්න වට්සැප් මාර්ගයෙන් යොමුකරනවා"
