එශාන් මාලිංගගේ වත්මන් තත්ත්වය ගැන දසුන් දුන් ඉඟිය
February 5, 2026 03:19 pm
උරහිසේ ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීම අවිනිශ්චිත බව වාර්තා වේ.
විස්සයි20 ලෝක කුසලාන නායකයින්ගේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් නායක දසුන් ශානක විසින් මේ පිළිබඳව අනාවරණය කර ඇත.
එංගලන්තයට එරෙහිව පැවති දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයේදී එෂාන් මාලිංග මෙම ආබාධයකට ලක්විය.
