නිදහස් දිනය දා සිදු වූ මනුෂ්‍ය ඝාතනය

නිදහස් දිනය දා සිදු වූ මනුෂ්‍ය ඝාතනය

February 5, 2026   09:57 am

කොළඹ, ආදුරුප්පුවීදිය පොලිස් වසමේ කදිරේෂන් වීදිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබේ. 

මිය ගොස් ඇත්තේ, 48 හැවිරිදි ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවට ලද තොරතුරක් මත පොලීසිය විමර්ශනයක් ආරම්භ කළේය. 

ඒ අනුව මරණකරු සහ තවත් පුද්ගලයෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ (04) මෙම පහරදීම සිදුව ඇති බවට අනාවරණවී ඇත. 

සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. 

සැකකරු අත්අඩංගුවට ගැනීමට ආදුරුප්පුවීදිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.