header logo
SLIC
වෙනත් පුවත්
නොසැලකිල්ල ජීවිත තුනක් අහිමි කරයි
Feb 05, 202609:47 AM
නොසැලකිල්ල ජීවිත තුනක් අහිමි කරයි
EDEX

ප්‍රදේශ දෙකක සිදුවු රිය අනතුරු දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

මීගමුව - මීරිගම මාර්ගයේ කටාන කඳවල ප්‍රදේශයේදී යතුරුපැදියක මාර්ගය හරහා ගමන් කළ පදිකයකු ගැටී අනතුරක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් තුවාල ලැබු යතුරුපැදියේ පැදිකරු, පසු පැදිකරු සහ පදිකයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැදිකරු සහ පදිකයා මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 19 හැවිරිදි සහ 46 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර ආණමඩුව නිකවැරටිය මාර්ගයේ 96 කණුව අසලදී ලොරි රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 32 හැවිරිදි ආණමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට