header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මෙරට වන්දනාවට අදාළව හුවමාරු කරගත් අවබෝධතා ගිවිසුම
Feb 04, 202607:45 PM
ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මෙරට වන්දනාවට අදාළව හුවමාරු කරගත් අවබෝධතා ගිවිසුම
Mobitel 1278

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මෙරට වන්දනාවට අදාළ අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගැනීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහකොමසාරිස් සත්‍යාංජල් පාණ්ඩේ යන මහතා අතර සිදුවිය.

ඒ මෙරටට වැඩම වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවීම සිදුකළ අවස්ථාවේදීය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීමෙන් සහ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ අද (04) මෙරට වැඩමකරවනු ලැබීය.

මෙරටට වැඩම කරවන ලද “ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවේ” සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වෙත ප්‍රථම මල් පූජාව සිදු කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් අද පස්වරුවේ සිදු විය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට්හි අරවල්ලි දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික දෙව්නි මෝරි පුරාවිද්‍යාත්මක ස්ථානයේ 60 දශකයේදී බෞද්ධ ආරාම සංකීර්ණයක ස්තූපයක් ආශ්‍රිතව සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීමකින් මෙම ධාතුන් වහන්සේ සොයා ගන්නා ලදී. මෙම ස්ථානයෙන් ධාතු කරඬු දෙකක් හමු වූ අතර, ඉන් එක් ධාතු කරඩුවක තිබි මෙම සර්වඥ ධාතුන් වහන්සේ හමු වී තිබේ.

එහි තිබී හමු වූ මංජුසාවේ සටහන් ‘දස බලධාරී බුදුන් වහන්සේගේ ධාතු නිධන් කළ ස්ථානය’ යන වැකිය මෙම ධාතුන් වහන්සේගේ පූජනීයත්වය තහවුරු කරන ප්‍රබලතම සාක්ෂිය වේ.

ඉන්දියාවේ බරෝදා කෞතුකාගාරයේ ඉතා සුරක්ෂිතව තැන්පත් කර තිබූ මෙම සර්වඥධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොමැති අතර, මෙම ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව ප්‍රථමවරට ශ්‍රී ලාංකික ජනතාවට උදා වී තිබේ.

අද පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවීම සිදු වූ අතර එහි විශේෂ පීඨිකාවක තැන්පත් කර ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව විශේෂ රථ පෙරහැරකින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවීම සිදු විය.

ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ විහාරස්ථානයේ විශේෂ පිඨිකාවක තැන්පත් කරන ලද ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මහජනතාවගේ වන්දනාමාන සඳහා නිරාවරණය කරමින් ප්‍රථම මල් පූජාව සිදු කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ඒ අනුව, හෙට (05) උදෑසන සිට පෙබරවාරි 11 වන දා දක්වා දින හතක කාලයක් පැය 24 පුරාම ඓතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මෙම සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට හිමිවන අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ.

ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කෙරෙන මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් ගුජරාට් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් මහතා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු කෙරිණි.

හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමා මාලකයේ අනුරුව සහිත විශේෂ සිහිවටන තිළිණයක් පිළිගන්වන ලදී.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ මහලේකම් Shartse Khensur Rinpoche Jangchup Choeden හිමිපාණෝද, ඉන්දියාවේ සිට වැඩම කරවන ලද ගෞරවනීය මහා සංඝරත්නයද, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු, ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහකොමසාරිස් සත්‍යාංජල් පාණ්ඩේ මහතා ඇතුළු ඉන්දීය රජයේ විශේෂ නියෝජිතයෝද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රෝෂන් ගමගේ, කපිල ජනක බණ්ඩාර යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහූද, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ ආරක්ෂක අංශ නියෝජිතයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
"විශේෂඥ වෘත්තිකයන්ට විශේෂ වැටුප් තලයක් අවශ්‍යයි..."

"විශේෂඥ වෘත්තිකයන්ට විශේෂ වැටුප් තලයක් අවශ්‍යයි..."

විලංගු වැටුණු චාමර මහ වැස්සේ බන්ධනාගාරයට රැගෙන යයි | Ada Derana

විලංගු වැටුණු චාමර මහ වැස්සේ බන්ධනාගාරයට රැගෙන යයි | Ada Derana

 මුහුණට මුහුණට ගැටුණු වෑන් - ත්‍රිවිල් අනතුර...19 හැවිරිදි තරුණයාට සහ 21 හැවිරිදි තරුණියට බරපතළයි

මුහුණට මුහුණට ගැටුණු වෑන් - ත්‍රිවිල් අනතුර...19 හැවිරිදි තරුණයාට සහ 21 හැවිරිදි තරුණියට බරපතළයි

 පෞද්ගලික ඉන්ධන සමාගම් සමගඇති ගිවිසුම් ඉදිරියේදී වෙනස් වෙයි.

පෞද්ගලික ඉන්ධන සමාගම් සමගඇති ගිවිසුම් ඉදිරියේදී වෙනස් වෙයි.

කාලගුණ අනාවැකි ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්...මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණුට තද වැසි...

කාලගුණ අනාවැකි ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්...මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණුට තද වැසි...

 තායිලන්තයේ සිට වැඩමකරවූ කොත්වහන්සේ මිහින්තලා විහාරයේ මැද මළුවේ තැන්පත් කෙරේ

තායිලන්තයේ සිට වැඩමකරවූ කොත්වහන්සේ මිහින්තලා විහාරයේ මැද මළුවේ තැන්පත් කෙරේ

අනතුරින් පසු ගුටි කෙළියක් වූ බව්වාගම..නාවලපිටිය නගර සභාවේ සභාපති, පුතා සහ බෑණා ඇතුළු 4ක් අත්අඩංගුව‍ට

අනතුරින් පසු ගුටි කෙළියක් වූ බව්වාගම..නාවලපිටිය නගර සභාවේ සභාපති, පුතා සහ බෑණා ඇතුළු 4ක් අත්අඩංගුව‍ට

 21 හැවිරිදි හසිත්ට දිවි අහිමි කළ මාරක අනතුර...

21 හැවිරිදි හසිත්ට දිවි අහිමි කළ මාරක අනතුර...

 සුදානම් වෙන්න...! NBRO දැනුම්දීමක්..හදිසි අවස්ථාවක ඉන්න තැන්වලින් ඉවත් වෙන්න..

සුදානම් වෙන්න...! NBRO දැනුම්දීමක්..හදිසි අවස්ථාවක ඉන්න තැන්වලින් ඉවත් වෙන්න..

 ශෂී වීරවංශ අධිකරණයට...පාස්පෝට් නඩුව ඔක් : 26 කැඳවීමට නියෝග

ශෂී වීරවංශ අධිකරණයට...පාස්පෝට් නඩුව ඔක් : 26 කැඳවීමට නියෝග

ඥානසාර හිමි වෙනුවෙන් කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය කෑගල්ලෙන් ඇරඹෙයි

ඥානසාර හිමි වෙනුවෙන් කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය කෑගල්ලෙන් ඇරඹෙයි

 දිගින් දිගටම පරදින ක්‍රිකට් හදන්න ඇමති කරන වැඩේ"ක්‍රීඩකයෝ නැති වුණාම මැච් පරදිනවා"

දිගින් දිගටම පරදින ක්‍රිකට් හදන්න ඇමති කරන වැඩේ"ක්‍රීඩකයෝ නැති වුණාම මැච් පරදිනවා"

 චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසම හමුවට

චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසම හමුවට

 චාමර සම්පත් අල්ලස් කොමිසමට එයි"තත්ත්වේ බලන්න ඕනේ ඇතුළේ"

චාමර සම්පත් අල්ලස් කොමිසමට එයි"තත්ත්වේ බලන්න ඕනේ ඇතුළේ"

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා තබන අත්සන්...කළුතර භික්ෂු එකමුතුවෙන් පාගමනක් සහ සත්‍යග්‍රහයකුත් අරඹයි

ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා තබන අත්සන්...කළුතර භික්ෂු එකමුතුවෙන් පාගමනක් සහ සත්‍යග්‍රහයකුත් අරඹයි

Lassana Flora
Spotlight
 මේ වසරට පිළිගත් නව දේශපාලන පක්ෂ ලැයිස්තුව මේ මස අගදී

මේ වසරට පිළිගත් නව දේශපාලන පක්ෂ ලැයිස්තුව මේ මස අගදී

 'දෙරණ' 21 වැනි වසර සමරයි

'දෙරණ' 21 වැනි වසර සමරයි

 2027 නොවැස්සොත් තේ වගාව අර්බුදයක

2027 නොවැස්සොත් තේ වගාව අර්බුදයක

 නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට

නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට

 ආර්ථික හා ආයෝජන සමුළුව අද ඇරැඹෙයි

ආර්ථික හා ආයෝජන සමුළුව අද ඇරැඹෙයි

 අයවැයෙන් පාසල් උපකරණවලට බදු සහන දෙන්න

අයවැයෙන් පාසල් උපකරණවලට බදු සහන දෙන්න

 ලබන මාස දෙකේ එල්-නිනෝ උපරිමයට

ලබන මාස දෙකේ එල්-නිනෝ උපරිමයට

 වසර 12ක් සේවය කළ හිටපු හමුදා සාමාජිකයෝ විශ්‍රාම වැටුපක් ඉල්ලති

වසර 12ක් සේවය කළ හිටපු හමුදා සාමාජිකයෝ විශ්‍රාම වැටුපක් ඉල්ලති

 නාගොඩදී යුවළගේ ඝාතනය දනුකගේ වැඩක්?

නාගොඩදී යුවළගේ ඝාතනය දනුකගේ වැඩක්?

 මත් සාදය නවත්වන්න ගිය පොලිසියේ තුනකට තඩිබාලා

මත් සාදය නවත්වන්න ගිය පොලිසියේ තුනකට තඩිබාලා

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana