header logo
Vallibel FD
උණුසුම් පුවත්
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය යුගයක් ඇරඹීමට සුදානම් - ජාතිය අමතමින් ජනාධිපති කියයි
Feb 04, 202609:07 AM
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය යුගයක් ඇරඹීමට සුදානම් - ජාතිය අමතමින් ජනාධිපති කියයි
Mobitel 1278

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් ආරම්භ යුතු බවත්, එයට තමා සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

නිදහස් චතුරස්‍රයේ දී අද (04) උදෑසන 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ දී ජාතිය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පැරණි අගතීන් මොන තරම් ප්‍රමාණයකට නව මිනිසෙකු ගොඩනැඟීමට දරන ප්‍රයන්තයන්ට බාධා කරන්නේද ඒ සියල්ලට එරෙහිව පරිවර්තනීය කාර්යභාරයක් ඉටුකිරීමට රජය සුදානම් බවත් එයට පොදු ජනතාවගේ සහාය ලැබෙනු ඇති බව තම විශ්වාසය බවත් ය.

අවුරුදු 133ක පීඩාකාරී කොල්ලකාරී, යටත්විජිත පාලනයෙන් 1948 දී ලංකාවට නිදහස හිමිවු බවත්, සියවස් ගණනාවක් පුරා යටත්විජිතවාදයට එරෙහිව අපේ මුතුන් මුත්තන් තමන්ගේ ලේ කඳුළු දාහඩිය මාතෘභූමියට පුජා කළ අතර එය කිසිවිටෙකත් අමතක කළ නොහැකි බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

"අපි ජීවිතේ විවිධ අවදීන්ට මුහුණදෙනවා බොහෝ අය තමන් වෙනුවෙන් අරගල කරනවා. එය සාමාන්‍ය දෙයක් එහෙත් යම් කිසිවෙක් මාතෘභූමිය වෙනුවෙන් ඒ වගේම අනාගත පරම්පරාව වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරමින් සටන්වදිනවා නම් ඔවුන් සැබවින්ම විරෝධාර විරුවන් බවට පත්වෙන එක වළක්වන්න බෑ."

"අපි අද දෙපය තබාගෙන සිටින මේ මහපොළොව අපේ මව්බිමේ නිදහස වෙනුවෙන් සටන් වැදුණු, අපේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සටන් වැදුණු මුතුන් මිත්තන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන් මේ මහ පොළොව තෙත් වෙලා. ඔවුන්ගේ ලේ, කඳුළුවලින් මේ මහ පොළොව තෙත් වෙලා. ඒ නිසා ඔවුන් අපේ හදවත් තුළ වීරත්වයේ ඉහළම අසුනක අසුන්ගෙන සිටිනවා. ඒ නිසා අපේ මව්බිමේ නිදහස හා ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් වැදුණු ඒ සියලු වීරෝධාර වීරවරියන් වීරවරුන් වෙනුවෙන් අපේ උත්තමාචාරය හා ගෞරව පුද කළ යුතුයි."

"අපිට නිදහසේ පරිපූරණත්වය සඳහා වූ සටනක් හා අරගලයක් තියෙනවා. ඒ අරගලය ඇත්තේ අප, ඔබ, මා තුළම බවට මා විශ්වාස කරනවා. විශේෂයෙන්ම මෙවර නිදහස් දිනයේ ප්‍රධාන තේමාව වුයේ 'ගොඩනඟමු ශ්‍රී ලංකා'. අපි මේ ශ්‍රී ලංකාව අපේ ස්වාධීනත්වය, අපේ ස්වෛරීයභාවය මත යළි ගොඩනැඟිය යුතුයි. ඒ යළි ගොඩනැඟීමේ දී අපේ සාරය බවට පත්වන්නේ, අප ඉතාමත පෞඩ ඉතිහාසයකට උරුමකන් කියනවා. අපේ මුතුන්මිත්තන් ඒ යුගයට ගැලපෙන අයුරින් ඉතාම ඉහළ තාක්ෂණික දැනුමින් හෙබි බව ඉතිහාස ගත කරුණු අපට පෙන්නුම් කරලා තියෙනවා. අපිට ශ්‍රේෂ්ඨ පෞඩත්වයක්, ඉතිහාසයකට උරුමකන් කියන ජාතියක්. ඒ වගේම මෑත ඉතිහාසයේ මේ සියල්ලන්ගෙන්ම බැහැර කළ යුතු කරුණු බොහෝමයක් තියෙන අතර, අපි අත්පත් කරගත යුතු සාධනීය ලක්ෂණ රැසක් තියෙනවා. අප ශ්‍රී ලංකාව ගොඩනැඟිය යුතු මාවත වන්නේ, අපේ මාතෘභූමිය සමඟ තිබෙන අයින්ද්‍රීය සබඳතාවයන් අපේ ජාතිය ගොඩනැඟීමේ දී ඉතිහාසය විසින් එක්කර තිබෙන මහාසාරය මේ මහ පොළොව මත යළි ප්‍රතිෂ්ඨාපනය කරන මාවත තමා අපේ ආර්ථිකය ගොඩනඟන මාවත ලෙස තෝරාගන්නේ. එය හුදු මාතෘභූමියේ අක්මුල් සිඳින ලද, අපේ ජාතියේ සාරය කෙළෙසන ලද ආර්ථික සංවර්ධන මාවතක් නොවේ. අපේ මාතෘභූමියේ, ජාතියේ සාරය ඒ මත ගොඩනැඟෙන නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟෙන මාවතට අපි අවතීර්ණය විය යුතුයි."

"නිදහසෙන් පසු 78 වසර තුළ ජය පරාජයන් තියෙනවා. හොඳ තියෙනවා නරක තියෙනවා. අපි කිසිසේත්ම නරක දේ බැහැර කිරීමට පැකිලෙන්නේ නෑ. ඒ වගේම හොඳ දේ උකහා ගන්න බිය වන්නේ නෑ. ඒ නිසා අතීතයේ සාරවත් දෙය මත මේ රාජ්‍ය, ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ වගකීම අප, ඔබ,මා සතු බව විශ්වාස කරනවා."

"අපේ මානව සම්පත ලෝකයේ ඕනෑම දියුණු ජාතියක් සමඟ උරින්උර ගැටී සෑම අතින්ම සම්පූර්ණ මානව සම්පතක් බවට පරිවර්තනය කළ යුතුයි. නොදැනුවත්කම වෙනුවට දැනුම, පැරණි අගතීන් වෙනුවට ප්‍රගතිය. බෙඳීම වෙනුවට සමගිය පෙරදැරි කරගත් නව මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි. එහිදී කලාව, සාහිත්‍ය, ඉතිහාසය මෙන්ම නව තාක්ෂණය, අධ්‍යාපනය මේ මානව සම්පත දියුණු කිරීමේ දී වැදගත්. අපේ රටේ දියුණු මානව සම්පතක් ගොඩනැඟීමට දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා අපි අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් ආරම්භ කළ යුතුයි. අපි ඒ සඳහා සුදානම්. පැරණි අගතීන් මොනතරම් ප්‍රමාණයට එම නව මිනිසා ගොඩනැගීමට දරන ප්‍රයන්තනයට බාධා කරන්නේ නම් ඒ සියල්ලට එරෙහිව පරිවර්තනීය කාර්යභාරය ඉටුකිරීමට අපි සුදානම්. එයට මේ රටේ පොදු ජනයාගේ සහාය ලැබෙන බව මා විශ්වාස කරනවා."

"මානව ශක්තිය ප්‍රධාන ශක්තියක් වන බව ඇත්ත. ඒ ශක්තිය රඳා පවතින්නේ අපේ සමගිය මත පමණයි. අපි බිඳුනොත් අපේ ශක්තිය දුබල වෙනවා. එකිනෙකා කෙරෙහි වෛරය නිර්මාණය වුවහොත් අපේ ප්‍රධානතම ශක්තිය දුබල වෙනවා."

"අපේ ශබ්ද කෝෂයේ ඇති අවලස්සනම වචන දෙක ජාතිවාදය හා අන්තවාදයයි. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ දෙකෙන් සිදුවිය හැක්කේ අපි සතු ශක්තිය ස්වයං ලෙසම විනාශ කර ගැනීම හා දුබල කරගැනීමයි. අපි අපේ රටේ කිසිදු ජාතිවාදයකට, අන්තවාදයකට ඉඩනොදෙන බවත්, ජාතික සමගිය අපේ රටේ ගොඩනඟනවා."

"ශ්‍රී ලංකාව ගොඩනැංවීමේ දී ගොඩනඟමු ශ්‍රී ලංකා කියන තේමාවට පණ ලැබෙන්නේ නීතියේ ආධිපත්‍ය නිසිලෙස තහවුරු කිරීමෙනි."

"අපේ රට යළි ජාත්‍යන්තරය තුළ ශ්‍රේෂ්ඨ ජාතියකින් හෙබි ගෞරවනීය රාජ්‍යයක් බවට පත්කිරීම ඉතාම වැදගත් සාධකයක්. මේ කුලුනු මත අපේ රාජ්‍ය ගොඩනැඟිය හැකියි. නීතිය නොමැති තැනක, සමගිය නොමැති තැනක, යහපත් ජාත්‍යන්තර සබඳතා නොමැති තැනක, පරිසර පද්ධති විනාශ වූ තැනක, සමාජය අයහපත් වූ තැනක සංවර්ධනය යන බීජය ගොඩනඟමු යන තේමාව යථාර්ථයක් කළ නොහැකිය. ඒ නිසා අපේ අධිෂ්ඨානය විය යුත්තේ අපේ රට ගොඩනැගීමට අවශ්‍ය පදනම නිර්මාණය කිරීම. ඒ කුලුනු මත අපි ශක්තිමත් නොසැල්වෙන ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි.

නිදහස පූර්ණ නිදහසක් බවට පරිවර්තනය වන්නේ, අපි මොන තරම් ප්‍රමාණයකට ආර්ථික වශයෙන් ශක්තිමත් ද යන සාධකය මතයි...

අපි විශ්වාස කරනවා පැරණි උරුමයන් හා අත්දැකීම් කැටි කරගෙන ශ්‍රී ලංකාව ගොඩනැඟිය හැකියි. ඒ නිසා 78 වන නිදහසේ දී අපි අපේ හදවතට අපේ ඥානයට එකතු කළ යුතු වන්නේ, රට ගොඩනැඟීම පිළිබඳ තිර අධිෂ්ඨානයයි. ජනාපති ලෙස මාද, කැබිනට් මණ්ඩලය ද, විපක්ෂ නායක තුමාද, රාජ්‍ය සේවය ද හාමුදුරුවන් වහන්සේලා ඇතුළු ආගමික සංස්ථාව ද තිර අධිෂ්ඨානයකට එමු මේ රට ගොඩනංවමු සෑම අතින්ම."

අප්‍රිකානු හිතෝපදේශයක් තියෙනවා...ඔබට වේගයෙන් යන්න අවශ්‍ය නම් තනියම යන්න... ඔබට වැඩිදුරටක් යෑමට අවශ්‍ය නම් එකට යන්න. අපිට අවශ්‍යව තිබෙන්නේ සෑම ක්ෂේත්‍රයකම වැඩි දුරක් යන්න. ආර්ථිකයේ වැඩිදුරටක් යා යුතුයි. නීතියේ විධාන ආධිපත්‍ය වැඩිදුරටත් තහවුරු කළ යුතුයි. අපේ පරිසර පද්ධතිය වැඩිදුරට ආරක්ෂා කළ යුතුයි. ඒ ගමන යා හැකි වන්නේ තනිව නොවේ. තනිව වේගයෙන් යා හැක්කේ කෙටි දුරක්. අපිට අවශ්‍ය වන්නේ වැඩි දුරක් යන්න. ඒ වැඩි දුර යන්න එකට යමු කියලා ආරාධනා කරනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්