සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සඳහා විශේෂ බස් රථ සේවාවක්
February 2, 2026 06:36 pm
සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
සර්වඥ ධාතූන් වහන්සේ මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා මෙම මස (05) වන දින උදෑසන 6 සිට (11) වන දින උදෑසන 7 දක්වා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කිරීමට සලසුම්කර ඇත.
මෙහිදී මහජනතාවට ගංගාරාම විහාරස්ථානයට පැමිණීම සඳහා පහත ස්ථානවල සිට විශේෂ බස් රථ සේවාවක් සපයා ඇත.
පහත ස්ථානවලදී එම සේවාව ලබාගත හැකි බව නිවේදනයේ සඳහන් වෙයි.
පැරණි එම්.ඕ.ඩී. භූමියේ රථගාල ( M.O.D. PARK)
ලේක් හවුස් වටරවුම අසල රථගාල
කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ සිට පැමිණෙන මහජනතාවට පා ගමනින් ලේක් හවුස් වටරවුම අසල රථගාලට පැමිණිය හැක.
කොටුව දුම්රිය ස්ථානයේ සිට පැමිණෙන මහජනතාවට පිටකොටුවට නොගොස් ඩී.ආර්. විජේවර්ධන මාවත ඔස්සේ පා ගමනින් ලේක් හවුස් වටරවුම අසල රථගාලට පැමිණිය හැක.
මෙම බස් රථ සේවාව ලංගම සහ පුද්ගලික බස් රථ මඟින් පැය 24 පුරාම සහනදායි මුදලකට සපයන බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවට දන්වා සිටී.
