එෂාන් මාලිංගගේ ආබාධය ගැන පැහැදිලි කිරීමක්
February 2, 2026 05:46 pm
වේගපන්දු යවන ක්රීඩක එෂාන් මාලිංගගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිල නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ඔහු එංගලන්තය සමඟ පැවැත්වෙන තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්රිකට් තරගයට ඔහු ක්රීඩා නොකරනු ඇත.
දෙරට අතර පැවැති දෙවන විස්සයි විස්ස තරගයේදී එෂාන් මාලිංගගේ උරහිස ආබාධයකට ලක්විය.
ඒ හේතුවෙන් ඔහු අද (02) දින කොළඹට පැමිණීමට නියමිත බවත් අනතුරුව ඔහුගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණ කිරීම සඳහා ස්කෑන් කිරීමට යොමුවීමට නියමිත බවත් ක්රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
