CCTV කැමරාවේ සටහන් වූ මාරක අනතුර
February 2, 2026 02:12 pm
අනුරාධපුර, මාතලේ හන්දිය ප්‍රදේශයේදී අද (02) දහවල් සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කාන්තාව මාර්ගය හරහා ගමන් කිරීමේදී මිහින්තලය දෙස සිට පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා සහ කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාර්ගය හරහා ගමන් ගත් කාන්තාව මියගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 65ක් පමණ වයසැති වයෝවෘද්ධ කාන්තාවක් වන අතර ඇයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැත.
අනතුර පිළිබඳව මිහින්තලය පොලීසියේ රථ වාහන අංශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
