header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කිසිදු දරුවෙකුට වෘත්තීය හෝ උසස් අධ්‍යාපන අයිතිය අහිමි නොවිය යුතුයි - හරිනි අමරසූරිය
Feb 01, 202603:44 PM
කිසිදු දරුවෙකුට වෘත්තීය හෝ උසස් අධ්‍යාපන අයිතිය අහිමි නොවිය යුතුයි - හරිනි අමරසූරිය
Mobitel 1278

ආර්ථික අපහසුතා හේතුවෙන් රටේ කිසිදු දරුවෙකුට වෘත්තීය අධ්‍යාපනය හෝ වෙනත් කිසිදු අධ්‍යාපන අවස්ථාවක් අහිමි නොවන ආකාරයෙන් රජයේ සියලු උපාය මාර්ගික සැලසුම් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, වෘත්තීය අධ්‍යාපන අංශයට අනුබද්ධ ආයතනවල අයවැය හා උපාය මාර්ගික සැලසුම්කරණය පිළිබඳ වැඩමුළුව අමතමිනි.

ජාතික ආර්ථික සංවර්ධන සැලැස්මට අනුකූලව ප්‍රධාන ආයතනවල සංවර්ධන සැලසුම් සහ ඒවාට අනුයුක්ත සෙසු ආයතනවල සැලසුම් පෙළගැස්වීම අත්‍යවශ්‍ය කරුණක් බව ඇය පෙන්වා දෙයි.

අධ්‍යාපන ආයතන මඟින් වෘත්තීය දැනුම සහිත පුද්ගලයින් බිහි කරනවා සේම, ඔවුන් තුළ මානව දයාව, සහකම්පනය, අන්‍යයන් කෙරෙහි දක්වන කරුණාව සහ සදාචාරාත්මක වටිනාකම් වර්ධනය කිරීමට හැකි වන පරිදි ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුය.

මෙහි අරමුණ ​මානව දයාවෙන් පිරිපුන් වෘත්තිකයෙකු නිර්මාණය කිරීම බව ද හරිනි අමරසූරිය සඳහන් කළාය.

විශේෂයෙන්ම, ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන්ට වෘත්තීය අධ්‍යාපනයට පිවිස තම අනාගතය ජය ගැනීමට ඇති මාවත් තවදුරටත් පුළුල් කිරීම රජයේ වගකීමක් වේ.

​AI විප්ලවය සහ වෘත්තීය අධ්‍යාපනයේ අනාගතය පිළිබඳවද මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු විය.

කෘතිම බුද්ධිය හේතුවෙන් ලෝකයේ රැකියා වෙළඳපොළ සහ වෘත්තීය ක්ෂේත්‍රයන්හි සිදුවන වෙනස්කම් පිළිබඳව තවමත් ලෝක මට්ටමින් නිසි අවබෝධයක් ගොඩනැගී නොමැති බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා වෘත්තීය අධ්‍යාපන ධාරාව සාමාන්‍ය අධ්‍යාපන ක්‍රියාවලියට ඒකාබද්ධ කිරීම මෙකල අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

​"AI තාක්ෂණය හරහා සිදුවන විප්ලවය බොහෝ විට ලාභය මුල් කරගත් එකක්. අතීත කාර්මික විප්ලවයන්හිදී අප සූරාකෑමට ලක් වූවාක් මෙන්, මෙම විප්ලවය තුළ අප අතරමං නොවීමට වගබලා ගත යුතුයි. අප හුදු දත්ත සැපයුම් මධ්‍යස්ථානයක් (Data Center) පමණක් නොවිය යුතුයි," යනුවෙන් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

​කෙසේ වෙතත්, ඉගැන්වීම් කටයුතු මාර්ගගත ක්‍රමයට සිදු කළ හැකි වුවද, දරුවන් රැකබලා ගැනීම සහ සාත්තු සේවය වැනි මානුෂීය බැඳීම් සහිත වෘත්තීන් සඳහා තාක්ෂණයෙන් එල්ල වන බලපෑම අවම බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, මෘදු කුසලතා (Soft Skills) සංවර්ධනය සහ මානවවාදී ප්‍රවේශයක වැදගත්කම පැහැදිලි කළාය.

​නම්‍යශීලී අධ්‍යාපන අවස්ථා සහ ගුණාත්මකභාවය සිසුවෙකුට වෘත්තීය අධ්‍යාපනය ඔස්සේ ආචාර්ය උපාධිය දක්වා අඛණ්ඩව ගමන් කිරීමටත්, රැකියාවක නිරත වෙමින් නැවත අධ්‍යාපනයට පිවිසීමටත් හැකි නම්‍යශීලී අවස්ථා නිර්මාණය විය යුතුය.

එලෙස පද්ධතිය නම්‍යශීලී වන අතරම, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ඉහළින්ම පවත්වා ගැනීම විශ්වසනීයත්වය තහවුරු කිරීමට අත්‍යවශ්‍ය බව ද මෙහිදී සාකච්ඡා විය.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ