මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් නිකුත් කළ ගැසට්ටුව යළි දීර්ඝ කෙරේ

මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් නිකුත් කළ ගැසට්ටුව යළි දීර්ඝ කෙරේ

February 1, 2026   11:29 am

රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය යළිත් දීර්ඝ කර තිබේ.

ජනවාරි මස 28 වනදින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝග පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

පැවති ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් මස 28 වන දින මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑමේ අරමුණින් මහජන හදිසි  තත්ත්වය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මේ අතර 2025 අංක 01 දරණ හදිසි අවස්ථා විධි විධාන හා බලතල නියෝග සංශෝධනය කිරීමට ද රජය පිවර ගෙන තිබේ.

පසුගිය නොවැම්බර් මස 28 වන දින ප්‍රකාශයට පත් කළ අදාළ නියෝග ජනවාරි මස 28 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙය සංශෝධනය කර ඇති බව වාර්තා වේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශට පත් කර තිබේ.

නව හදිසි අවස්ථා නියෝගවලට අනුව මීට පෙර පැවති නියෝග කිහිපයක් සංශෝධනය කිරීමට රජය විසින් පියවර ගෙන ඇති අතර නව නියෝග කිහිපයක් හඳුන්වා දීමට ද පියවර ගෙන ඇති බව වාර්තා වේ.

හදිසි අවස්ථා තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය සහ අදාළ නියෝගවලට පටහැනිව කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ද එම නියෝග මඟින් පැහැදිලි කර තිබේ.