header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ලංවිම ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ අර්බුදය ඔඩුදුවයි
Jan 30, 202612:23 PM
ලංවිම ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ අර්බුදය ඔඩුදුවයි
Mobitel 1278

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම යෑම ඉල්ලුම් කළ සේවකයින් මේ වන විට දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

එම සේවකයින් පෙන්වා දෙනුයේ ලංකා විදුලි බල මණ්ඩලය විසුරුවා හැරීමේ දිනය අවස්ථා කිහිපයකදීම කල් දැමීම හේතුවෙන් ඔවුන් මේ වන විට මෙම අර්බුදයකට පත්ව ඇති බවය.

ලංකා විදුලි බල මණ්ඩලය විසුරවා හැරීම සඳහා පසුගිය වසරේ ඔක්තෝම්බර් 27 වැනි දිනයත් මෙම වසරේ ජනවාරි 01 වැනි දිනයත් මින් පෙර ප්‍රකාශයට පත්කර තිබුණද අවස්ථා කිහිපයකදීම මෙම දිනයන් කල් දැමීමට සිදුව ඇති බවත් ඒ අනුව මේ වන විට විසුරුවා හැරීමේ දිනය ගැසට් නිවේදනයක් මගින් නිකුත්ව නොතිබීමත් හේතුවෙන් පෙබරවාරි 01 දා වන විට නියමිත ඉලක්ක මග හැරී යන ලකුණු පෙනෙන්නට ඇති බවද එම සේවයකයින් පවසයි.

මේ හේතුවෙන් එම ස්වේච්ඡා විශ්‍රාම යෑම ඉල්ලුම් කළ සේවකයින් බරපතළ අර්බුදයකට ලක්ව ඇති බව පෙන්වා දෙන එම සේවකයින් බලශක්ති අමාත්‍යවරයා ඇතුළු රජයෙන් ඉල්ලා ඇත්තේ මෙම ක්‍රියාවලිය කඩිනම් කර විදුලි බල මණ්ඩලය විසුරුවා හැරීමේ දිනය කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලෙසය.

ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවකයින් මේ වන විට මූල්‍යමය සහ දේපල බිඳ වැටීම්, ඉල්ලුම් කළ විදේශ රැකියා රැකියා අවස්ථා අහිමි වීම්, එම රැකියා සඳහා වීසා සහ නීතිමය ලේඛණ කල්ඉකුත්වීම්, නිවාස සහ පදිංචිය පිළිබඳ පිළිබඳ ගැටලු, සෞඛ්‍ය සහ ආයතනික දියුණුව අඩාල වීම සහ ආයතනය තුළ මානසික පීඩනයට සහ කොන් කිරීමට ලක්ව ඇති බවත් එම සේවකයින් පවසයි.

විදුලිබල සේවකයින්ට ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක්

නව විදුලි බල පනතට අනුව විදුලි බල මණ්ඩලය සමාගම් 04කට ප්‍රතිව්‍යුහගත කර ඇති අතර ඒ අනුව සියලු සේවකයින් සමාගම් 04කට අනුයුක්ත කිරීමට පියවර ගැනුණි.

ඒ අනුව අදාළ අනුප්‍රාප්තික සමාගමට අනුයුක්ත වීම ස්වකීය තේරීම නොවන සේවකයින් සඳහා ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයක් යටතේ විශ්‍රාම යාම සඳහා හිමිකම් ලැබෙන බව බලශක්ති අමාත්‍යාංශය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී සඳහන් කළේය.

ඒ අනුව ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමය යටතේ වන්දි මුදල් ප්‍රධානය කිරීමේ ක්‍රම පිළිබඳවද බලශක්ති අමාත්‍යාංශය දැනුම්දීමක් සිදුකර තිබූ අතර එහිදී වසර 10ක් හෝ ඊට වැඩි සේවා කාලයක් ඇති සේවා නියුක්තිකයින් සඳහා පසුගිය සේවා කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස දෙකක වැටුප සහ සේවය කළ හැකිව තිබූ ඉතිරි කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස එකහමාරක වැටුප හිමිවන බවද බලශක්ති අමාත්‍යාංශය පවසා තිබුණි.

එමෙන්ම වසර 10කට අඩු සේවා කාලයක් ඇති සේවා නියුක්තිකයින් සඳහා පසුගිය සේවා කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස 05ක වැටුප සහ සේවය කළ හැකිව තිබූ ඉතිරි කාලය සඳහා ගෙවීමක් සිදු නොකර බවද සඳහන් කළ බලශක්ති අමාත්‍යාංශය දැනුම් දී තිබුණේ අදාළ නියෝගයට අනුව ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන සේවකයෙකු සඳහා වන වන්දි මුදල රුපියල් ලක්ෂ 9ක අවම සීමාවකට සහ රුපියල් මිලියන 5ක උපරිමය සීමාවකට යටත්ව ගෙවීම සිදුවිය යුතු බවය‍.

ඒ අනුව ඊට අදාළ නියමයන් හා කොන්දේසි ඇතුළත් ගැසට් නිවේදනය බලශක්ති අමාත්‍යවරයා විසින් පසුගිය අගෝස්තු මස 26 වැනි දින නිකුත් කිරීමටද පියවර ගත්තේය.

ස්වේච්ඡා විශ්‍රාම ඉල්ලුම් කළ විදුලි සේවකයින්ගෙන්
ජනපති හා බලශක්ති ඇමතිට ලිපියක්

විදුලි බල මණ්ඩලයේ අදාළ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළ ඉහත සඳහන් ස්වේච්ඡා විශ්‍රාම යාම සඳහා වූ ක්‍රමවේදය ඉල්ලුම් කිරීමට එම මණ්ඩලයේ සේවකයින් 2,000කට වැඩි පිරිසක් කටයුතු කර තිබුණි.

නමුත් එම සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය සම්බන්ධව සහ ඊට අදාළ ගැසට් නිවේදනය බලශක්ති අමාතශාංශය විසින් නිකුත් කර නොතිබීම හේතුවෙන් ඔවුන්ගේ අනාගතය අවිනිශ්චිතතාවකට පත්ව ඇති බව සඳහන් කරමින් පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සහ බලශක්ති අමාත්‍යවරයාට ලිපියක් යොමු කිරීමටද පියවර ගත්තේය.

අදාළ ලිපිය මගින් එම සේවකයින් සඳහන් කර ඇත්තේ පසුගිය වසරේ අගොස්තු 26 දිනැති අංක 2451/11 දරන ගැසට් පත්‍රය අනුව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය මගින් සමාගම්වලට අනුයුක්ත නොවූ සේවකයින් ලෙස ඔවුන් ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ඉල්ලුම් කළ බවය.

නමුත් එම ස්වෙච්ඡා විශ්‍රාම වැටුප් ක්‍රමය ඉල්ලුම් කර ඇති 2,200කට ආසන්න ලංවිම සේවක පිරි මේ වන විට සිය අනාගතය සම්බන්ධව අවිනිශ්චිතතාවකට පත්ව ඇති බවත් ස්වේච්ඡා විශ්‍රාම යෑමට නියමිත දිනය ප්‍රකාශයට පත් නොවීම හා එම දිනය දිනෙන් දින ප්‍රමාද වීම මෙන්ම යම් යම් කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් එම කටයුත්තතවත් ප්‍රමාදයට පත්ව ඇති බවත් අදාළ ලිපිය මගින් ඔවුන් ජනාධිපතිවරයා සහ බලශක්ති අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යාමට අයදුම්කළ ලංවිම සේවකයන්ට
අයදුම්පත් ඉවත් කරගැනීමටත් අවස්ථාව

මේ අතර ස්වේච්ඡා විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමය යටතේ අයදුම්පත් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට සිය විශ්‍රාම යෑමේ ඉල්ලුම්පත් ඉවත් කර ගත හැකි බවට එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.එස්.අයි. කුමාර මහතා පසුගිය 26 වැනිදා දැනුම්දීමක් සිදු කර තිබුණි.

අදාළ නිවේදනය මගින් සාමාන්‍යාධිකාරීවරයා දන්වා ඇත්තේ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කරන ලද අංක MOE/SRS/VRS/28 හා 2025.11.14 දිනැති ලිපිය අනුව, 2025 ඔක්තෝබර් 27 දිනට පෙර ස්වෙච්ඡා විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමය යටතේ අයදුම්පත් ඉදිරිපත් කළ ද එම අයදුම්පත් ඉවත්කරගනිමින් නව සමාගමට බැඳීමට අදහස් කරන ලං.වි.ම. සේවකයන්ට මෙම අවස්ථාව හිමි වන බවය.

ඒ අනුව අද (30) දක්වා එම ඉල්ලුම්පත් ඉවත් කර ගැනීමේ අවස්ථාව ලැබෙන බවත් අදින් පසුව එම ඉල්ලුම්පත් ඉවත්කර ගැනීමට අවස්ථාව හිමි නොවන බවත් එකී ඉල්ලීම්ද අනුමත නොකරන බවටත් සාමාන්‍යාධිකාරීවරයා දැනුම් දී ඇත.

ඒ අනුව අද දින හෝ ඊට පෙර සාමාන්‍යාධිකාරිකාරි ශාඛාව වෙත ලැබෙන ස්වෙච්ඡා විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමය යටතේ ඉදිරිපත් කළ අයදුම්පත් ඉවත්කර ගැනීමේ ඉල්ලීම් පමණක් අනුමත කිරීමට කටයුතු කරනු ලබන බවත් ජනවාරි 30 දිනෙන් පසු එවැනි ඉල්ලීම් බාරගැනීමෙන් වලකින ලෙස සියලුම ඒකක / ශාඛා / අංශ ප්‍රධානීන් වෙත ද දැනුම් දී ඇති බවත් අදාළ ලිපිය මගින් දැනුම්දී තිබුණි.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9B7vMUnTS_icewHEJlmN37xfSIQSx6JoZ5biAFpczBl2uX4-rSDUGze-PKmIRZOhdsC5yiau-pTjXOOhV-D3p0pZr0OAukGREvOxbkdqKaFjZEWEVnL0nG5pnQhJRjzfkHdR3dv5udRk3TsodrNtW5qvcFYdtBZEOQpnmuqXO5GaWBU4MCxBmqzh16Mbh/s1600/CEB.jpg

MostRead
Mobitel 1278
VideoStories
අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ